තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන සත්කාරක ඇමරිකානු ක්‍රීඩකයන්ට හිමිවූ අතර තෙවැනි ස්ථානය අසල්වාසී ඉන්දියාවට හිමි විය.
මෙම තරගාවලිය සඳහා රටවල් 34 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වූ අතර ලූෂන් පළමු වටයේ තරගයේදී වැඩි ලකුණු ලබා ගනිමින් මෙම අවසන් තරග අවස්ථාව උදාකර ගත්තේය.
ඇමරිකාවේ ටෙක්සාස්හි පැවැති 'ග්ලෝබල් මිස්ටර් ඇට්ලස්' කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්ථානය හිමිවූ අතර ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය උදෙසා ඔහුට විශේෂ ඇගයීම් සම්මානයක් ලබාදීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබුණි.
Last modified on Tuesday, 12 December 2017 08:59
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362