මෙම තරඟාවලියේ දී ක්ලිෆඩ් කුසලානය දිනා ගැනීමට ස්ලිම්ලයින් ක්රීඩා සමාජය සමත් විය. ඒ රන් පදක්කම් 06 ක් සමඟ රිදී පදක්කම් 02 ක් දිනා ගනිමිනි. යුධ හමුදා ක්රීඩා සමාජය අනුශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලියේ ස්ලිම්ලයින් ක්රීඩා සමාජය නියෝජනය කරමින් පිරිමි ශූරතාවය දිනූ දිනිදු දුශාන් සපරමාදු රන් පදක්කමක් දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම කීඩකයා ලෙස සම්මානයට පාත්ර විය.
වසර දෙකකට පසු බොක්සිං වලල්ලට පැමිණි අනුෂා කොඩිතුවක්කු රන් පදක්කමක් දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මානයට පාත්රවිය.
මෙය තරගාවලිය කොළඹ මාස් රාජකීය බොක්සිං කවය තුළ පැවැත්වූ අතර දිවයිනේ නමක් දිනූ ස්ලිම්ලයින්, යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, යුනිචෙලා,හෙල ආදී බොක්සිං ක්රීඩා සමාජ නියෝජනය කරමින් ක්රීඩකයන් 165ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කළේය.
ඡායා-thepapare.com