Sathosa

Dec 14, 2017

රෝහිත් ෂර්මා බිරිඳට දුන් විවාහ සංවත්සර තෑග්ග

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොහිත් ෂර්මා සිය බිරිඳ වන රිතිකා හට ඊයේ දිනට යෙදී තිබුණු ඔවුන් ගේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබාදීමට ඊයේ සමත් විය.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (13) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී ලබාගත් ද්විත්ව ශතකයයි.

තරගයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙසේය.

“මේ විශේෂ දවසේ මගේ බිරිඳ මාත් එක්ක මෙතන ඉඳීම ගැන සතුටුයි. මං දැනගෙන හිටියා මේ තෑග්ගට ඇය කැමති වන බව. ඇය තමයි මගේ ශක්තිය. ඇය හැමතිසේසේම මා වෙනුවෙන් හිටියා. මෙම ක්‍රීඩාවේදී ආතතිය තරමක් වැඩියි. ඒ නිසා ඔවුන් වැනි පුද්ගලයන් ළඟ ඉන්න එක විශේෂ දෙයක්.’

"මෙය අපේ දෙවෙනි සංවත්සරය. ඊටත් වැඩිය සතුටු කාරණේ තමයි අපි තරගය දිනා ගත්තා. අපි තරගය මැදදී හරි දේ කරන්න උත්සාහ කළා. අවසානය දක්වාම අපි එය කළා. කණ්ඩායමක් වශයෙන් අපි වීසාග් හි තරගය ගැන බලාපොරොත්තු තබා ඉන්නවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව ලකුණු 141ක පරාජයක් ලැබූ අතර, එක්දින ජාත්‍යන්තර තරග වලදී ද්විත්ව ශතක තුනක් ලැබූ පළමු පිතිකරුවා ලෙස රොහිත් ෂර්මා ඉතිහාසයට එක්විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top