Sathosa

Dec 15, 2017

ලංකාව බංග්ලාදේශය සමග පැටලෙන්න යයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස බංග්ලාදේශයේ දී තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියකට එක්වීමට නියමිතය.

ඊට අදාළ තරග කාල සටහන ප‍්‍රකාශයට පත්කර ඇති අතර එහිදී ශ‍්‍රී ලංකාව සමගින් තරගවදින්නේ සිම්බාබ්වේ සහ බංග්ලාදේශයයි. තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියක් වසර 06කට පසුව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ.

පළමු තරගය ජනවාරී මස 15 වනදා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජනවාරී මස 16 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජනවාරී මස 27 වනදා පැවැත්වීමට නියමිතය.

එම තරගාවලිය නිමාවීමෙන් පසු ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20 තරග 02ක් පැවැත්වීමට ද නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top