ඒ, 2016 වසරේ ජුනි මාසයේ සිට අඛණ්ඩව ක්‍රීඩා කළ අටවැනි එක්දින ජාත්‍යන්තර තරඟාවලියද ජයගනිමිනි.
ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරඟාවලි ප්‍රමාණයක් අඛණ්ඩව ජය ගත් කණ්ඩායම් අතරින් ඔවුන් දෙවැනි වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට පමණි.
මේ අතර, ඊයේ දින ශතකයක් වාර්තා කළ ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සිය එක්දින ලකුණු 4,000 සීමාව පසුකර යාමට සමත්විය.
ඉනිම් 95කින් මෙම දක්ෂතාවට දැක්වූ ධවාන්, අඩුම එක්දින තරඟ සංඛ්‍යාවකදී මෙම ලකුණු සීමාවට ළඟා වූ දෙවැනි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා වේ.
කෙසේවෙතත්, මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟාවලි 06කට සහභාගී වී ඇති අතර ඉන් තරඟාවලි 05ක් පරාජය වී තිබේ. ඒ අනුව 0.217ක් වන ජය-පැරදුම් අනුපාතයක් ලද ශ්‍රී ලංකාව, වසරක කාලයක් තුළ තරග 25ක් හෝ වැඩිපුර ප්‍රමාණයක් ක්‍රීඩා කර අවම සාර්ථකත්වයක් ලැබූ කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය හිමිවෙයි. මේ රාමුව තුළ වඩාත් අසාර්ථක වී ඇත්තේ සිම්බාබ්වේ පිලයි. ඒ, 2004දී ය.