ඔහු මේ බව පවසා සිටියේ පළමු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 93ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
“ පළමු කරුණ තමයි අපි පිතිකරණය ගැන කනගාටු වෙනවා. ඒ වගේම පන්දු යැවීම ගැනත්. මම හිතනවා අපි හොඳන් ආරම්භ කළා. අපි මැද හොඳින් සිදු කළා. නමුත් අවසන් පන්දුවාර කිහිපයේදී අපි වැඩි වශයෙන් හයේ හා හතරේ පහරවල් දුන්නා. ඒ අනතුරුව අපෙන් තරගය ගිලිහුණා.”
“ ඇත්තටම අපි ඒ ගැන සිතනවා. අපි ලංකාවෙන් එනවිට පළමු කරුණ වුණේ තරග කිරීමයි. අපි පිතිකරණයේ යෙදුණ ආකාරය ගැන කනගාටු වෙනවා. අවම වශයෙන් අපි පන්දුවාර 20ක් වත් ක්‍රීඩා කළ යුතුව තිබුණා. පරාජය කමක් නෑ. නමුත් අවම වශයෙන් අපි ඉලක්කයට සමීප වෙන්න හරි තිබුණා.”
මෑතකාලීනව ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර තරංග ඉදිරියෙන්ම පසුවේ. තරංග පවසන්නේ ඒ සඳහා තමාට නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරගේ සේවය උපකාරී වූ බවයි.