ඇය මුලින්ම මුලින්ම සහභාගී වීමට නියමිත වන්නේ ලබන සතියේදී අබුඩාබි හි ඇරඹෙන Mubadala ලෝක ටෙනිස් ශූරතාවලියටය.
දෙසැම්බර් 30 දින ඇය, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක හතේ රැඳී සිටින ජෙලේනා ඔස්ටපෙන්කෝ ට එරෙහිව ප්‍රදර්ශන තරගයකට සහභාගී වනු ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇලෙක්සිස් ඔලිම්පියා නම් දියණිය මෙලොවට බිහි කළ සෙරීනා, අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදී පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියටය. ඇය එම තරගාවලිය ජයගැනීමට සමත් විය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙරීනා පවසා තිබුණේ යළි පිටියට එක්වීමට ලැබීම පිළිබඳව තමා ඉමහත් සතුටට පත්වන බවයි.