ඒ අනුව ලබන ජනවාරි මස බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිවලියට මැතිව්ස්ට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙන අතර ඔහු 100% ක් සුවය නොලැබුවහොත් පළමු එක්දින තරගයද විවේක ගැන්වීමට ක්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තු වේ.
''අපි ක්‍රීඩකයන්ගේ ශරීර සෞඛ්‍ය 100% ක් නැතිනම් අවධානමක් අරගෙන තරග කරවන්නෙ නැහැ. භෞතචිකිත්සකවරයා කියල තියෙන විදිහට සති හතරකින් මැතිව්ස්ට සම්පුර්ණ සුවය ලැබෙයි. එහෙම නොවුණොත් තුන්කොන් තරගාවලියේදී පළමු තරගය හෝ දෙක ඔහුට විවේක ගන්න වේවි.'' යෑයි ලැබ්බ්රෝයි මහතා පවසයි.
ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී යළිත් පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට සම්පූර්ණ සුවය ලැබීමට සති හතරක පමණ කාලයක් ගත වන බවට කණ්ඩායම් භෞතචිකිත්සකවරයා පවසා තිබේ.
Last modified on Wednesday, 27 December 2017 10:11
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362