Pasidol

Sathosa

Dec 27, 2017

හතුරුසිංහගෙ සැලසුම් අපි දන්නවා - සර්කාර්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ එළඹෙන ජනවාරි මාසයේදී බංග්ලාදේශයට සමග පැවැත්වෙන තරගාවලිය මෙහෙයවීමට නියමිතය අතර ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවාද වෙයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් පවසන්නේ බංග්ලාදේශයද හතුරුසිංහ ගැන හොඳින් දන්නා බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු වූ පමණින් තරගාවලියේ ප්‍රතිඵලයට වෙනසක් නොවෙනු ඇති බවත්ය.

“ ඔව් හතුරුසිංහ අපි ගැන දන්නවා. එය ඔහුට ගොඩක් බලාපොරොත්තු ගෙන එන්නක්. නමුත් පිටියේදී ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන්. හතුරුසිංහ නෙමෙයි. හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන අය දිනනවා".

"ශ්‍රී ලංකාවට වගේම අපිටත් නව පුහුණුකරුවෙක් ඉන්නවා. ඉතින් කණ්ඩායම් දෙකේම සැලසුම් වෙනස්. අපි ලබන වසර ධනාත්මකව ආරම්භ කරනවා. අපිත් ඔහු ගැන පුහුණකරුවෙකු ලෙස දන්නවා. ඔහු තරග දිනන්න සැලසුම් කරන අයුරු අපි දන්නවා”

මෙම තරග සංචාරයේ අදාල කාලසටහන පහතින් දැක්වේ.

DATE MATCH MATCH TYPE VENUE

17th January, 2018 Sri Lanka vs Zimbabwe ODI – Day Night SBNCS, Dhaka

19th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS, Dhaka

21st January, 2018 Sri Lanka vz Zimbabwe ODI – Day Night SBNCS, Dhaka

25th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS – Dhaka

27th January, 2018 Final – Tri Nation Tournament Day Night SBNCS, Dhaka31st January,

2018 to 4th February, 2018 1st Test Match vs Bangladesh Day Match ZACS, Chittagong

08th February, 2018 to 12th February, 2018 2nd Test Match vs Bangladesh Day Match SBNCS, Dhaka

15th February, 2018 1st T20i Match Day-Night Match SBNCS, Dhaka

18th February, 2018 2nd T20i Match Day-Night Match SICS, Sylhet

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top