Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 28, 2017

අරාබි ගිය ක්‍රිකට් ලයන්ස්ලට තාම ගෙවලා නෑ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වූ T 10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ "කලම්බු ලයන්ස් " නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් තරග මුදල් ලබාදී නොමැති බව වාර්තා වේ.

එහි නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ලැබීය.

මෙහිදී වෙනත් රටවල ප්‍රධාන ක්‍රීඩකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 35000ක් ගෙවනු ලැබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සහභාගී කරවූ මුළු කණ්ඩායමටම ලබාදී ඇත්තේ අමෙරිකානු ඩොලර් 25000ක් පමණයි.

එම මුදල හෝ කණ්ඩායමට ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැත.

ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), ෂෙහාන් ජයසූරිය, දිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ඇනජලෝ පෙරේරා, තික්ෂිල ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුසංක, ළහිරු මදුශංක, කසුන් මදුශංක, කිතුරුවන් විතානගේ, අසංක සිල්වා.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top