Jan 01, 2018

ගංගාගේ පේන බැලුවෙත් නෑ, බලන්නෙත් නෑ - දයාසිරි

ජෝතිර්වේදිනියක් යැයි කියාගන්නා ගංගා සුදර්ශනී නැමැත්තිය තමා ඇයව හමුවූ බවට සති අන්ත පුවත් පතකට කර ඇති ප්‍රකාශය අමූලික බොරුක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

ශ්‍රී ලංකා මිරර් වෙත දුරකථන ඇමතුමක් දෙමින් ඒ මහතා මේ බව කීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තමා “ ගංගාගේ පේන බැලුවෙත් නෑ, බල්නෙත් තැති” බවයි.

එසේම තමා ඔවැනි මිත්‍යාවන් පසුපස නොයන්නකු බවත්, එය තමා ඇසුරු කරන්නන් සියලුදෙනා දන්නා බවත් ඔහු කියා සිටියේය.

ඇගේ පුත්‍රයෙක් බව පවසමින් අයෙක් තමාව අදාළ ස්ථානයට රැගෙනයාමට උත්සාහ කළ බවද අමාත්‍යවරයා හෙළි කළේය.

ගංගාට විරුද්ධව CID යට පැමිණිලි කරනවා !

තමා කිසිදිනක නොගිය තැනකට ගිය බව කියමින් මෙවැනි ප්‍රකාශ කිරීම තමාව අපකීර්තියට පත් කරන්නට කරනු ලබන දෙයක් බවත්, මේ පිටුපස කිසියම් පිරිසක් සිටීද යන්න සැක සහිත බැවින් ඒ ගැන සොයාබලා කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිලි කරන බවද ඔහු කියා සිටියේය.

සබැඳි පුවත

ගංගාගේ පේන බලන්න දයාසිරිත් ගිහින් !

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top