පාසල් සංගමයේ ලේකම් කපිල ජයලත් කණ්ඩායම භාර නියෝජිතයා ලෙසත්, සභාපති ඔෂාර පණ්ඩිතරත්න හා භාණ්ඩාගාරික මංජුල වාස් නිරීක්ෂකයන් ලෙසත් මේ සංචාරයට එක්ව සිටිති.
කල් තබාම සැලැසුම් කොට මෙම තිදෙනා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මෙම සංචාරයට සහභාගි වන බවට පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයන් ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය.
මෙසේ පාසල් නියෝජිතයින් තිදෙනෙකු නොයවා ඒ වෙනුවට තවත් ක්රීඩකයකුට අවස්ථාව ලබාදීමට තිබුණු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් මහානාම පසුගියදා අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කැඳවා තිබුණු පාසල් ක්‍රිකට් සංවර්ධන රැස්වීමකදී පවසන ලදී.
මේ අතර, පසුගිය වකවානුවේදී කිනිෂ්ඨ තේරීම් මුල සිට සිදු කළ කිනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයින්ට අවස්ථාවක් නොදී ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටු සබාපති ග්රැහැම් ලැබ්රෝයි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයට නොගොස් 19න් පහළ ලෝක ශූරතාවට නවසීලන්තයට යාමද මතභේදයට තුඩු දී තිබේ.
මීට පෙරද ඕස්ට්‍රේලියාවේ පැවැති 19න් පහළ කණ්ඩායමේ සංචාරයකට එවකට හිටපු ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටු සභාපතිවරයා වූ අසන්ත ද මෙල් මහතා සහභාගිවීම විහිළුවක් බවට පත්ව තිබිණ.