Jan 10, 2018

ගංගා මෑණියන්ට අබසරණයි ! Featured

අනාවැකි කියන්නියක් ලෙස පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්ව සිටි ගංගා සුදර්ශනී හෙවත් "ගංගා මෑණියෝ" විසින් මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය තෙක් ජාතික කණ්ඩායමේ නායකයා ලෙස වසර 10ක් කටයුතු කරනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් බවට පලකර තිබූ අනාවැකිය මේවන විට පුස්සක් බවට පත්ව තිබේ.

ඒ ඊයෙ (09) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි - 20 නායකයා ලෙස ඇන්ජලෝ මැතීව්ස් පත් කිරීම නිසාය.

කෙසේවුවද, චන්දිමාල් තවදුරටත් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

"ගංගා මෑණියෝ” මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේද ප්‍රකාශයක් සටහන් කර තිබිණි.

එය පහත දැක්වේ.

Screen Shot 2018 01 09 at 9.19.58 PM

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top