Jan 15, 2018

එංගලන්තෙයේ ජේසන් සනත්ගේ වාර්තාව සමකරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය පිහිට වූ වාර්තාවක් සමකර තිබේ.

ඒ අවස්ථා දෙකකදී ලකුණු හමා ගොස් ජයගත් එක්දින තරගයක ලකුණු 150 ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතරට පත්වෙමිනි.

සනත් ජයසූරියට අමතරව දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩීකොක් , ඉන්දියාවේ චිරාත් කෝලි , සහ ඕස්ට්‍රේලියාවේ ශේන් වොට්සන් මෙම දස්කම් දක්වා ඇත.

එංගලන්තයේ ජේසන් රෝයි ඔවුන් හා වාර්තා අතරට එක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (14 දා) පැවති පළමු එක්දින තරගයේදී ලකුණු 180 ක් වාර්තා කරමිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top