මේ ක්රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් මීට පෙර ප්රසිද්ධියට පත්ව තිබුණේ ආරුගම්බේ ප්රදේශයයි.
ඉතාමත්ම සුළුවෙන් ආරම්භ වූ කයිට් සර්ෆින් ක්රීඩාව මේ වන විට කල්පිටිය මුහුදු තීරය තුළ ඉතාමත්ම ජනප්රිය වී ඇත.
මෙරටට පැමිනෙන විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කල්පිටිය තුඩාව මුහුදු වෙරළේ කයිට්සර්ෆින් ක්රීඩාවේ නිරත වන ආකාරයක් දක්නට ඇත.
නොගැඹුරු මුහුදු තීරයක් තිබීමත්, ප්රමාණවත් තරම් සුළං ප්රවාහයක් ඇති වීමත් ඊට හේතුව වී ඇති බව කියති.
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු