මෙවර "2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය" එළැඹෙන ජුනි 14 වන දා රුසියාවේදී ආරම්භ වේ.
ඊට සමගාමීව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන ඉහළම ගෞරවය වන ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව ඇරඹුණේ, පසුගිය මස 22 වැනිදා ය.
මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 52ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාවේ රැගෙන යාමට නියමිත රටවල් වී ඇ.ත්තේ පකිස්ථානය සහ මාලදිවයින පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර එය නිල වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට භාරදීම ද සිදුවිය.
අද දින පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.