Jan 26, 2018

ලංකාව සමඟ තරඟවදින්න බංග්ලාදේශයෙන් ගැටයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය සඳහා නම් කළ බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට 17 හැවිරිදි ක්‍රීඩකයෙක් නම් කර තිබේ.

නසීම් හසන් නමැති මෙම ක්‍රීඩකයා පිට දඟ පන්දු යවන්නෙක් වන අතර ඔහු නවසීලන්තයේ පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියට බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කරමින් සිටී.

හසන් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරඟ 4කි. තරඟාවලියේ පුහුණුවීම් සඳහා එක්වීමට ඔහු නවසීලන්තයේ සිට බංග්ලාදේශයට ගෙන්වන බව බංග්ලාදේශ ක්‍රිකට් කමිටු ප්‍රධානී මින්හාජුල් අබ්ඩීන් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top