Pasidol
Sathosa Ad Final Sinhala
තරඟ වැදුන කණ්ඩායම් දෙකම චන්දික හතුරුසිංහ යටතේ පුහුණුව ලබා තිබීම විශේෂත්වයකි තරඟ වැදුන කණ්ඩායම් දෙකම චන්දික හතුරුසිංහ යටතේ පුහුණුව ලබා තිබීම විශේෂත්වයකි
Jan 28, 2018

ක්‍රිකට්: හතුරුසිංහ බංග්ලාදේශ් අභියෝගය ජයගනී Featured

බංග්ලාදේශයේ පැවැත්වුන තුන්කොන් ක්‍රිකට් සීමිත ඕවර් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය.

මෙම තරඟාවලිය පැවැත්වුනේ සත්කාරක රටවන බංග්ලාදේශ්, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතරයි.

එහි අවසාන මහා තරඟය ඊයේ (ජනවාරි 27) ඩකා අගනුවර 'සරේ බංග්ලා' ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරාගත් අතර, ඔවුහු නියමිත පන්දු වාර පනහ අවසානයේ සියලු දෙනා දැවී ළකුණු 221ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් උපුල් තරංග ලකුණු 56 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් වාර්තා කළහ.

බංග්ලාදේශ් කණ්ඩයමේ රුබෙල් හොසෙයින් ශ්‍රී ලංකා පිතිකරුවන් හතර දෙනකු දවා ලීමට සමත් විය.

Cricket Chandimal
එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා තරඟය පැවැත්වුනේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙනි


තරඟයේ ආරම්භක අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ළකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමත් සමඟ ජයග්‍රහණය සම්බන්ධයෙන් එක්තරා අවිනිශ්චිතභාවයක් දක්නට ලැබුණි.

එහෙත් බංග්ලාදේශ් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කළ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩකයෝ තරඟය ආරම්භයේ පටන්ම ඔවුන් අඩු ළකුණු මට්ටමක තබා ගැනීමට සමත් වූහ.

ඒ අනුව පන්දුවාර 41.1කදී බංග්ලාදේශ් කණ්ඩායම දවා ලමින් අවසාන මහා තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම අවසාන මහා තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවතාවක් බංග්ලාදේශ් කණ්ඩායමට මුහුණ දුන්හ.

ජනවාරි 19 පැවති තරඟයේ දී ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

එම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් කරමින් නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු හතක් දැවී ළකුණු 320 ක් වාර්තා කිරීමට සමත් විය.

එය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ් කණ්ඩායම එක්දින තරඟයක දී වාර්තා කරන ලද වැඩිම ළකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවුණේ ළකුණු 157 ක් පමණි.

Cricket Bdesh
 ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදී පිතිකරුවකු දවාලීමේ සතුට විඳින බංග්ලාදේශ් පන්දු රකින්නන්

එහෙත් දෙවැනි එක්දින තරඟයේ දී බංග්ලාදේශ් කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත්කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරඟයේ දී බංග්ලාදේශ් කණ්ඩායම ළකුණු 82 කට සීමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු දහයකිනි.

එහෙත් මේ තුන්කොන් තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමටත්, තවත් තරඟයක් බංග්ලාදේශ් කණ්ඩායමටත් පරාජය වීමෙන් තරඟාවලිය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පවා පසු විය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top