Jan 28, 2018

මහේල, අකිලව සල්ලිවලට අරං !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී මේ දක්වා ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පත්විය.

ඒ ඔහුට නියමවූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලට ගැනීමත් සමගිනි.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි.

ශ්‍රි ලංකා කණ්ඩායමට අකිල ධනංජය ගෙන ඒම සඳහාත් මහේල ජයවර්ධන වැඩි අවධානයක් යොමු කළ බවට තොරතුරු වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top