ඉකුත් විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට පාදයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය.
''මගේ ආබාධය දැන් හොඳ වෙමින් තියෙනවා. කොහොම හරි ජනවාරි මාසයේ ආයිත් පිට්ටනිය මැද්දට එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. දැන් ටික ටික පුහුණුවීම් කරනවා.'' යැයි හෙතෙම පවසා තිබේ.
2015 වසරේදී ලසිත් මාලිංග විස්සයි - 20 සහ එක්දින තරගවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේදී එම දෙඅංශයේම හොඳම පන්දු යවන්නා සම්මානය දිනා ගත්තේය.
කෙසේ වෙතත් සිය ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ද ප්‍රතික්ෂේප කළ අතර ආබාධය සුවවීමෙන් පසු යළිත් කණ්ඩායමට පැමිණෙන විට ලබාදෙන කොන්ත්‍රාත්තුව භාර ගැනීමට මාලිංග සූදානමින් සිටියි.
මාලිංග තවමත් පන්දු යෑවීම ආරම්භ කර නොමැති අතර ඔහු ඉදිරි සති කිහිපයේදී ක්‍රම ක්‍රමයෙන් පන්දු යෑවීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද පැවසේ.