මෙහිදී පිරිනැමෙන “එලිෆන්ට් හවුස් - ලෙමනේඩ්” කුසලානය සඳහා 15 වැනි වරටත් සිලොන් කොල්ඩ් ස්ටෝස් සමාගම විසින් අනුග්‍රහකත්වය ලබාදෙයි.
මේ තරගාවලිය කාණ්ඩ දෙකකින් තරග 49ක් පැවැත්වීමට නියමිත අතර පළමු තරග 42ක ලීග් ක්රමයටත්, අවසන් තරග 7 පිළිමළුලුන් පිටුදැකීමේ ක්රමයටත් පැවැත්වීමට නියමිතය.
ලීග් කාණ්ඩයේ තරගාවලිය අද සිට මාර්තු මස 14 වැනිදා දක්වා රත්මලානේ එන්.එස්.සී.ඒ., තර්ස්ටන්, මරදාන සා.ජෝශප්, වේයන්ගෝඩ මධ්‍ය මහා විදුහල, කෙටහේන සා.බෙනඩික්, මොරටුව සා.සෙබස්තියන්, මත්තේගොඩ යුද හමුදා, බොරැල්ල වෙස්ලි, පානදුර මහජන ක්‍රීඩාංගණය සහ වෙළෙඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පිළිමළුන් පිටුදැකීමේ අර්ධ අවසන් තරග 17 වැනිදා ආරම්භ වන අතර අවසන් පූර්ව වටයේ තරග මාර්තු 24 වැනිදා සිට අප්‍රේල් 1 වැනිදා දක්වාත්, අවසන් තරගය අප්‍රේල් 01 වැනි දා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
සමස්ථ තරගාවලියම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නීති ප්‍රකාරව සුදු පන්දුවෙන් පැවැත්වෙනු ඇත.
ජයග්රාහයන්ට “එලිෆන්ට් හවුස් - ලෙමනේඩ්” කුසලානය පිරිනැමීමට නියමිත අතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයා සඳහා කුසලාන පිරිනැමේ.තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් හා අනුග්‍රාහකත්ව පිරිනැමීම පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ, ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ, අනුග්‍රාහක කමිටු සාමාජික සුජීව ද සිල්වා හා විධායක කමිටු සාමාජික හා අනුග්‍රාහක කමිටුවේ කමිටු සාමාජික රෝහණ සෝමවංශ යන මහත්වරුන්ද, සිලෝන් කෝල්ස් ස්ටෝස් එලිෆන්ට් හවුස් පානීය බීම වෙළෙඳ කළමණාකරු නදීන ප්‍රනාන්දු, වෙළෙඳ සහකාර කළමණාකරු පී.කේ. අභයගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ.