ඒ අනුව මැතිව්ස් වෙනුවට නවසීලන්ත ආරම්භක පිතිකරුවෙක් වන ඇන්ටන් ඩේවිසිච් ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායමට එක්කරගෙන ඇති බව පැවසේ.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම විස්සයි විස්ස තරඟාවලිය සඳහා කණ්ඩායම් 06ක් ක්‍රීඩා කරයි.
මෙවර තරඟාවලිය සඳහා ඉයන් මෝගන්, ඇලෙක්ස් හෙල්ස්, ජේ.පි.ඩුමිනි, ලුක් රොන්චි, ඇන්ඩි රසෙල්, ඩැරන් සාමී, තමිම් ඉක්බාල්, කෙවි පීටසන් වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතය.
පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියට ඊයේ (29) පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ පැවැති ක්‍රීඩක ආදේශක කිරීම්වලදී මෙම ආදේශනය සිදුකර ඇත.
පාකිස්ථාන සුපිර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් සුදුසුකම් ලබා තිබුණි.
කුමාර් සංගක්කාර මුල්ටන් සුල්තාන්ස් කණ්ඩායම් වෙනුවෙන් මෙවර තරඟාවලිය නියෝජනය කරයි.
සුපර් ලීග් තරඟාවලියේ තෙවැනි අදියර පෙබරවාරි 22 දා ආරම්භ කිරීමට නියමිතය.