Feb 05, 2018

බංග්ලාදේශ කණ්ඩායම තවත් තුරුම්පුවක් ගසයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ප්‍රබල පිතිකරුවකු වූ සබීර් රෙහෙමාන් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු කණ්ඩායමට එක්කරනු ලබන්නේ සන්සුමල් ඉස්ලාම් කණ්ඩායමෙන් ඉවත් කරමිනි.

සන්සුමල් ඉස්ලාම් පළමු තරගයේදී පන්දුවාර 45 ක් යවමින් ලකුණු 153 කට එක් කඩුල්ලක් පමණක් බිඳ හෙළීම මෙම තීරණයට හේතුවී ඇති බව පැවසේ.

සබීර් රෙහෛමාන් මෙලෙස බංග්ලාදේශ සංචිතයට කැඳවනු ලබන්නේ 2017 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුවයි.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත අතර පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top