Pasidol
Sathosa Ad Final Sinhala
Feb 08, 2018

වෙන්දේසි නොවුනත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලට!

මෙවර ඉන්දීය ප්‍රමුඛ තරගාවලිය සඳහා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසියේදී මිලට නොගත්තද, සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා යළි එක් වී තිබේ.

ඒ, පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසයි.

මුම්බායි ඉන්දියන්ස් පිලේ නිල පන්දු යවන ලෙස ශේන් බොන්ඩ් කටයුතු කළද, එම පිල වෙනුවෙන් තරග 110ක් ක්‍රීඩා කර ඇති මාලිංග එම පිලට ඉහළ දායකත්වයක් ලබාදීමට හැකි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙම නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන මාලිංග පවසා ඇත්තේ මෙය තමාට ලැබුනු සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන බවයි. ක්‍රීඩකයෙකු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පැමිණි ගමන පිළිබඳ තමා සතුටු වූ බවත්, උපදේශකයෙකු ලෙස යළිත් එම කණ්ඩායම හා එක්වීමට ලැබීම නව පරිච්ඡේදයක් බවත් ඔහු සඳහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top