ඒ, දෙවන ටෙස්ට් තරඟය ලකුණු 215කින් ජය ගනිමිනි.
දෙවන තරඟයේදී දෙවන ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123කි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගනු ලැබුවේ ලකුණු 110කි.
ඒ අනුව දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩාම සියලූ දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්හ.
මේ අතර, අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවේය.
ඒ, වමතින් දඟ පන්දු යවන්නෙකු ටෙස්ට් තරඟවලදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වන කඩුලු 415ක් වාර්තා කරමිනි.
මීට පෙර කඩුලු 414ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායමේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ය.
එම සටහනේ තුන්වන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ඩැනියල් විටෝරි හිමිකර ගෙන සිටින්නේ කඩුලු 362ක් බිඳ දමමිනි.
එහි සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය පිළිවෙලින් චමින්ද වාස් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මිචල් ජොන්සන් හිමිකරගෙන සිටියි.