Feb 13, 2018

ශීත සෘතු ඔලිම්පික් වෙබ් අඩවියට හැකරු පනී!

මේ දින වල දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ නිල වෙබ්අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට ස්වල්ප මොහොතකට පෙර බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙම උත්සවයේ රූපවාහිනී හා අන්තර්ජාල සේවා ද ඇණහිට තිබුණද, පැය 12ක් තුළදී එම සේවා යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් සමත් වී තිබේ.

කෙසේවෙතත්,මෙම ප්‍රහාරය සිදුකර ඇති පාර්ශවය තවමත් හෙළිදරව් වී නොමැත.

(බීබීසී සංදේශය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top