ශ්රී ලංකා රග්බි පිලේ ද හිටපු නායකයෙකු වන ඔහු, මේ වසරේ රග්බි සමයෙන් අනතුරුව ක්රීඩාවෙන් සමුගන්නා බවට පසුගිය නොවැම්බරයේදී ප්රකාශ කර තිබුණි.
මේ අනුව, පසුගිය 11දා හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව පැවති අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ශූරතාවයේ අවසන් මහා තරගය, නිත්තවෙල ක්රීඩංගනයේදී ඔහු ක්රීඩා කළ අවසන් තරගය විය.
මෙහිදී පිට පිට තෙවරක් උත්සහක ලකුණු ලබාගත් මරිජා, මහනුවර ක්රීඩා සමාජයට ලකුණු 30-28ක ජයක් අත්කරදීමට සමත් විය.
ඔහුට උත්තමාචාරයක් වශයෙන් මහනුවර ක්රීඩා සමාජය විසින් මරිජා ගේ නමින් එක් ප්රේක්ෂකාගාරයක් නම් කර ඇති අතර, තරගයට පෙරාතුව මෙම ප්රේක්ෂකාගාරය මරිජා අතින් විවෘත විය.
(ඡායා : ද පපරේ වෙබ්අඩවිය)