පෙබරවාරි 25 දා ගාලු මුවදුර පිටියට ඔබ්බෙන් පිහිටි මුහුදේ කි.මී. 1.9ක පිහිනීමෙන් අනතුරුව, කි.මී. 90ක පාපැදි තරගයක් හා කි.මී. 21.1ක දුරක් දිවීමෙන් තරගය අවසන් වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙලෙස කි.මී. 70.3ක දුරක් තරග කරනු ඇත.
‘අයන්මෑන් 70.3 කලම්බු’ ලෙස නම් කර ඇති මෙම තරගයට දෙස්විදෙස් තරගකරුවන් තරගකාරියන් 880ක් එක්වනු ඇති බවත් ඉන් 26%ක් පමණ දේශීය ක්‍රීඩක ක්‍රීඩාවන් බවත් මෙම තරගයේ සංවිධායකයන් පවසයි. ලාංකික තරගකරුවන් තරගකාරියන් අතරට දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකු හා වැදි පරපුරේ සාමාජිකයෙකු ද එක්වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
විදේශීය තරගකරුවන් තරගකාරියන් මෙම තරගය සඳහා සිය පවුල් සමගම පැමිණීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 03ක පමණ විදේශ විනිමයක් උපයාගත හැකි බව සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරයි.
ඊයේ (13) මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, මෙයට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.