Sathosa

Feb 15, 2018

අසේල ට ආබාධයක් : විස්සයි 20ට ත් නෑ

දකුණු අතේ හටගත් ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු අසේල ගුණරත්න, අද (15) පස්වරුවේදී බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට සහභාගී නොවනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුරේදී ඔහු මෙලෙස ආබාධයකට ලක්වූ ඔහු, මෙම තරගාවලියේ තරග ද්විත්වයෙන්ම ඉවත් කර තිබේ.

ඔහු අද (15) සවස ලංකාවට පැමිණ MRI ස්කෑන් පරීක්ෂණයට පෙනී සිටීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ගුණරත්න වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු බංගලාදේශයට නොයවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top