Feb 16, 2018

සාන්තුවරුන්ගේ සටනට කීල්ස්, එළිෆන්ට් හවුස් සෙට් වෙයි!

මෙරට පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන සාන්තුවරුන්ගේ සටන (Battle of the saints) ට මෙවර සවියක් ලබාදීමට එළිෆන්ට් හවුස් හා කීල්ස් ක්‍රෙස්ට් පෙරමුණට පැමිණ සිටියි.

ශාන්ත ජෝසප් විද්‍යාලය හා ශාන්ත පීතර විද්‍යාලය අතර සාන්තුවරුන්ගේ සටන මෙවර පැවැත්වෙන්නේ 84 වැනි වසරටයි. එම තරගය මාර්තු 2-3 යන දෙදින තුළ පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

මේ සඳහා නිල ආහාර පාන හා අයිස්ක්‍රීම් සඳහා නිල සහකරු ලෙස එළිෆන්ට් හවුස් හා කීල්ස් ක්‍රෙස්ට් එක්ව සිටින අතර, මෙහ

මෙම අනුග්‍රාහකත්වය පසුගියදා ලබාදී තිබුණු අතර, මෙම අවස්ථාවට ඉහත සමාගම් වල නිලධාරීන් හා පාසැල් බලධාරීන් ද එක්ව සිටියේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top