චීනයෙහි පැවති 04වැනි ආසියානු “පැරා” ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
චීනයෝ හන්ජෝ (Hangzhou) නුවර පැවති මෙවර ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව පදක්කම් 11ක් දිනා ගනු ලැබීය.
මේ සමඟ පදක්කම් දිනාගත් රටවල් 33 අතුරින් ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයෙන් තරඟාවලිය නිමා කළේය.
මෙවර ක්‍රීඩා උලෙළේදී නුවන් ඉන්දික රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් අතර, ප්‍රදීප් සෝමසිරි රන් පදක්කමක්, අනිල් ප්‍රසන්න, සමිත දුලාන්, ජනානි ධනංජනා සහ ගලීනා බස්නායක රිදී පදකකම් දිනා ගත්හ.
එමෙන්ම සමන් මධුරංග, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා සහ නවීඩ් රහීම් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
(ඡායාරූප : සන්ඩේ ටයිම්ස්)