Connect with us

ක්‍රීඩා

ඇමතිගෙ චෝදනාවට SLC පිළිතුරු දෙයි

Published

on

අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල්, තෙවැනි පාර්ශ්වයකට යැවීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රාහක ආදායම සහ අනෙකුත් මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින් බවත්, විනිමය වෙනස්කම් වල වාසිය ලාබාගැනීමේ අරමුණෙන් එම මුදල් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන බවත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙරට එදිනෙදා කටයුතු පවත්වා ගෙන යෑමට සහ පාර්ශවකරුවන්ට සහ සැපයුම්කරුවන්ට කළයුතු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය බැවින් ඒ සඳහා ඩොලර් ගිණුම්වලින් ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගෙන යනු ලබන ගිණුම් මුදල් හුවමාරු කිරීම සාමාන්‍ය ප්‍රතිපත්තිය  බවත් එහි දැක්වේ.

කෙසේවෙතත්, මෙම මුදල් හුවමාරු කිරීම සිදුකරන්නේ මෙහෙයුම් කටයුතු සඳහා පමණක් බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් පිටතට මුදල් හුවමාරු කර යැවීමේ උත්සාහයක් ඇති බවට එල්ල වන චෝදනා සාවද්‍ය බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත් :

මැතිසබේ විවාදය අතරතුර SLCය ට යන පාර වහයි

ක්‍රීඩා

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

Published

on

By

IML T20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසිනි.

Continue Reading

ක්‍රීඩා

19න් පහළ T20 බාලිකා ලෝක කුසලානය මලයාසියාවේදී ඇරඹෙයි

Published

on

By

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.

කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය. 

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

Published

on

By

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්හ‍.

නවසීලන්තය ලැබීමට ගිය දැවැන්ත පරාජයේ බර අඩුකරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.

ඔහු හැරෙන්න ලකුණු 10කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි.

නවසීලන්ත ඉනිමේ 7වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 21ට 5ක් ලෙසින්ය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.

මෙය මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2007 වසරේ පැවති තරගයකදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ලකුණු 262/6ක් රැස්කිරීමයි.

එම තරගයෙන්ද ලකුණු 189ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved