Connect with us

ක්‍රීඩා

ඉන්දියාව අවසන් තරගයට ආවේ තණ තීරුව මාරු කරලද ?

Published

on

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැ​ති ඉන්දු – නවසීලන්ත පළමු පූර්ව වටයේ තරගයට භාවිත කරන තණ තීරුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ.

ඒ ඉන්දියාවේ ඉල්ලීම අනුව මන්දගාමී තණතීරුවක් ලබා දීමට කටයුතු කර ඇති බවට එල්ලවූ චෝදනාවක් නිසාය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයට මින් පෙර භාවත නොකළ තණ තීරුවක් ලබා දීමට කටයුතු කර තිබුණත්, ඉන්දියාවේ ඉල්ලීම අනුව එය මාරුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මීට පෙර තරග දෙකකට භාවිත කළ තණතීරුවක් ලබා දී ඇති බව පැවසේ.

මන්දගාමී තණතීරුවක් ලැබුණහොත් ඉන්දීය දඟ පන්දුයවන්නන්ට වැඩි වාසි අත්වන බවත්, නවසීලන්ත වේග පන්දුයවන්නන්ට අවාසි සහගත වනු ඇති බවත් මාධ්‍ය වාර්තා තිබිණි.

ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඉතා ලෙහෙසියෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට පහර දුන්නද දෙවනුවට පන්දුවට පහර දුන් නවසීන්ත පිතිකරුවන් ඉන්දීය දඟ පන්දුවන්නන් හමුවේ අසීරුතාවයට පත්වනු දක්නට ලැබිණි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය මගින් පවත්වනු ලබන තරගවලදී තණතීරු සකස් කිරීම සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ උපදෙස් අනුවයි.

කෙසේවුවද, ම්බායි ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යවෙත පවසා ඇත්තේ ඉන්දීය කණ්ඩායම විසින් මන්දගාමී තණතීරුවක් ඉල්ලා ඇති බවත් ඒ අනුව තණකොල ඉවත් කළ බවයි. 

ඉන්දියාවට ලකුණු 70ක ජයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ඊයේ පැවැති ඉන්දු – නවසීලන්ත තරගයෙන්  ලකුණු 70ක ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

නවසීලන්තය සමඟ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 327ක් පමණි.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩරිල් මිචෙල් ලකුණු 134ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂමි ලකුණු 57කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් විය.

කඩුලු 23ක් ලබා ගත් මොහොමඩ් ෂමි, මෙවවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණේ පසු වේ.

ක්‍රීඩා

මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් පවසා ඇත්තේ එළැඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවය.

කෙසේ නමුත් එම දැනුම්දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බවයි.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.

කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත.

මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි

Continue Reading

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved