Connect with us

ක්‍රීඩා

එංගලන්ත ජයෙන් ඕස්ට්‍රෙලියානු ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

Published

on

මෙවර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම අද (05) සමත් විය.

ඒ, අද සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.

ඒ සමග සිය ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සත්කාරක ඕස්ට්‍රෙලියානු පිලටද සිදු විය.

ඒ අනුව, නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන්ද, ඉන්දීය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ක්‍රීඩා

චන්දික හතුරුසිංහ ඉවතට

Published

on

By

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත්, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

පසුගිය පෙබරවාරි මාසයේදී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවැනි වරටත් එම කණ්ඩායම සමග එක්විය.

එහෙත්, හිටපු නායකයින් මෙන්ම වර්තමාන එරට ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් ද හතුරුසිංහ ව නැවත එක්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කෙදෛව්වන්ට පහසු ජයක්!

Published

on

By

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (13) පැවති පළමු තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර 19.1කදී ළඟාකර ගැනීමට සමත් විය.

කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූ අතර බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස් කළේය.

ලුවිස් පන්දු 28කින් ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තේය.

දෙරට අතර පවත්වන දෙවැනි විස්සයි 20 තරගය හෙට (15) දඹුල්ලේදීම පැවැත් වේ.

Continue Reading

ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Published

on

By

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ.

මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය ලබා ගෙන තිබේ.

Squat : Gold – 295 kg 

Bench press – 175 kg (New National Record)

Deadlift – 297.5 kg (4th place)

Overall – Silver medal 767.5 kg 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved