Connect with us

ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන නිකුත් කරයි

Published

on

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දෙරට අතර ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ආරම්භ වේ.

තරග දෙකම ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන එකම එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වැනිදා පැවැත්වේ.

ක්‍රීඩා

යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Published

on

By

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කළේය.

එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

Continue Reading

ක්‍රීඩා

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

Published

on

By

IML T20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසිනි.

Continue Reading

ක්‍රීඩා

19න් පහළ T20 බාලිකා ලෝක කුසලානය මලයාසියාවේදී ඇරඹෙයි

Published

on

By

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.

කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය. 

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved