Connect with us

ක්‍රීඩා

ක්‍රිකට් තහනම ඉවත්කරන්නැයි ඉල්ලා ICCයට ලියුම් දෙකක්!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් පවතින නීති උල්ලංඝනය නොවන්නට මේවන විට කටයුතු කරමින් සිටින බවද ඔහු අයිසීසීය දන්වා තිබේ.

ක්‍රීඩා ඇමැතිවරයා අයිසීසීය වෙත යැවූ එම ලිඛිත දැනුම්දීම අනුව එහි විධායක කමිටුව රැස්වී ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර, ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුව අවලංගු කිරීම සම්බන්ධව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද ලිඛිත දැනුම්දීමක් කර ඇත.

එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම පිළිබඳව අයිසීසීයේ අවධානය යොමු කර ඇතැයි පැවසේ. 

මේ ලිපි දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි විධායක කමිටුව රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇතැයි පැවසේ.

අයිසීසීය හා ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනය අතර, විශ්වාසය තහවුරු කර ගැනීමේ පළමු පියවර ලෙස ගැසට් පත්‍රයක් මඟින් පනවා තිබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් තමන් මේ තීරණය ගත් බව ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවද ඔහු කියා සිටී.

එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද ඇමැතිවරයා පවසයි. 

ඒ අනුව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර, එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දෙන අරමුදල් සැපයීම දැඩි පාලනයකට යටත් කිරීමට ද තීරණය විය. 

මේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම සමඟ 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට අයිසීසීය තීරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම් දී සිටියේ ක්‍රීඩාව දේශපාලනික බලපෑම්වලින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved