Connect with us

ක්‍රීඩා

“ක්‍රීඩාවේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග” 17 වැනිදා පාර්ලිමේන්තුවට…

Published

on

ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝග සළකා බලා අනුමතිය ලබාදීම සිදුවිය.

මෙහිදී ක්‍රීඩාවට අදාළව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබා ගැනීමට ඇති හැකියාව, දිවයින පුරා යෞවන සමාජ පිහිටුවීමට ඇති ගැටලු, තරුණ සේවා නිලධාරීන්ගේ හිඟය, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීමේ අවශ්‍යතාවය ආදි කරුණු මෙම අවස්ථාවට සහභාගීවූ මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගතහැකි පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

ක්‍රීඩා

ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

Published

on

By

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.

 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි.

පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සිංගේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් අති බව වාර්තා වල සඳහන් වේ.

ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” ලෙස හැඳින්වීය.

ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති අයෙකි.

1990 දශකයේ මුල් භාගයේදී ඔහුගේ බිරිඳ ගියන් කෞර්ගේ මරණයෙන් පසු, ඔහු තම වැඩිමහල් පුත් සුක්ජින්දර් සමඟ ජීවත් වීමට ලන්ඩනයට ගොස් ඇත.

එහිදී එක් දිනක් සිං ට දුවන වැඩිහිටි පිරිමින් පිරිසක් මුණගැසී ඇති අතර එහිදී  ඔහුගේ පුහුණුකරු වන හර්මන්දර් සිං ද හමු වී ඇති බව සඳහන් වේ.

මේ අනුව, ඔහු සිය ධාවන කටයුතු ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 89 දී බව සඳහන් වේ.

2000 සහ 2013 වසර අතර කාලය තුළ ඔහු මැරතන් තරඟ නවයකට සහභාගී වී තිබේ.

සිං 2000 දී ලන්ඩන් මැරතන් තරඟයට සහභාගි වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 89 ට මාසයකට පෙරය. 

ඔහු පැය 06ක් සහ මිනිත්තු 54 කින් තරඟය අවසන් කළ අතර, එය කැපී පෙනෙන ගමනක ආරම්භය සනිටුහන් කළේය.

2003 දී,ටොරොන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරඟයේදී, පැය එකයි මිනිත්තු පහකින් ඔහුගේ කාලය විශ්මයජනක ලෙස අඩුකර ගනිමින්, පැය 05යි මිනිත්තු 40 කින් තරඟය නිමකර තිබුණි.

ඉන් පසුව 2003 දී ඇඩීඩාස් ඔවුන්ගේ Nothing Is Impossible වෙළඳ දැන්වීම් ව්‍යාපාරය සඳහා ඔහුව අත්සන් කළ විට සිං ජාත්‍යන්තර කීර්තියට පත්විය.

2005 දී, එවකට පකිස්තාන අගමැති විසින් ඔහුට ලාහෝර් ආරම්භක මැරතන් තරඟයට සහභාගී වීමට ආරාධනා කර තිබේ.

වසරකට පසුව, 2006 දී, බකිංහැම් මාලිගය නැරඹීමට ද ඔහුට දෙවන එලිසබෙත් රැජිනගෙන් විශේෂ ආරාධනයක් ලැබී ඇත.

ඔහු වයස අවුරුදු 100 පසු වූ පසුත් මැරතන් තරඟ දිගටම කරගෙන ගිය අතර එහිදී ඔහුට “Turbaned Tornado” යන අන්වර්ථ නාමය ද හිමි විය.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පන්දම් දරන්නා වූ සිං, ඔහුගේ ධාවන දිවිය තුළ සන්ධිස්ථාන කිහිපයක් වාර්තා කළ අතර, 2011 දී ටොරොන්ටෝ හි සම්පූර්ණ මැරතන් තරඟයක් සම්පූර්ණ කළ පළමු වසර 100ය සපිරුණු ක්‍රීඩකයා ලෙස වාර්තා වේ.

2013 දී, ඔහු හොංකොං හි ඔහුගේ අවසන් දිගු දුර තරඟකාරී තරඟයට සහභාගී වූ අතර, පැයයි මිනිත්තු 32ක් සහ තත්පර 28 කින් කිලෝමීටර් 10 ක දිවීමක් සම්පූර්ණ කිරීමට සමත් විය.

කෙසේ වෙතත්, ලොව වයස්ගතම මැරතන් ධාවකයා බවට ඔහුගේ ප්‍රකාශය ගිනස් ලෝක වාර්තා විසින් පිළිගනු ලැබුවේ නැත.

ඒ  ඔහුට 1911 වසරේ දී උපන් බවට උප්පැන්න සහතිකයක් පෙන්වීමට නොහැකි වීම මතය. 

නමුත් සිංගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් දිනය 1911 අප්‍රේල් 1 ලෙස දක්වා ඇත.

කෙසේවෙතත් ඔහුගේ 100 වන උපන්දිනයට ඔහුට සුබ පතමින් රැජිනගෙන් ලිපියක් ඇති බව වාර්තා වේ.

සිං ඉපදුණු අවස්ථාවේ ඉන්දියාවේ උප්පැන්න සහතික ලබා දී නොතිබූ බව වාර්තා වේ.

ඔහුගේ දිවියේ පළමු කාළයේ ගොවියෙකු වූ සිං කිසිදිනක පාසල් ගොස් නොමැති අතර ඔහු පවසා ඇත්තේ “මගේ තරුණ අවධියේදී, ‘මැරතන්’යන වචනය ද දැන සිටියේ නොමැති බවය.

Continue Reading

ක්‍රීඩා

දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්?

Published

on

By

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිල ලැබූ ඇදහිය නොහැකි අන්ත පරාජය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ මත පළවෙමින් පවතී.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දැක්වූ ක්‍රිකට් ප්‍රවීණයන් කිහිප දෙනකුම පැවසුවේ මෙම තරගයට නම් කළ කණ්ඩායම හා කාසියේ වාසිය දිනා රාත්‍රි කාලයේ පන්දුව කැපෙන තණතීරුවේ දෙවෙනියට පන්දුවට පහර දීම ප්‍රශ්නාර්ථයට තුඩු දෙන බවයි.

තරගයේ ප්‍රථිපලය ගැන කෝපයෙන් කතා කළ කොළඹ සිට දඹුල්ලටම ගොස් තරගය නැරඹූ ක්‍රිකට් ලෝලියකු පැවසුවේ මෙය

1XBET තරගයක් ලෙස පෙනෙන බවයි.

මේ සඳහා ඔහු පෙන්වා දුන් සැක කටයුතු කරුණු මෙසේය.

1. මුල් තරගයේද අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු පළපුරුදු දිනේෂ් චන්දිමාල් මෙන්ම කමිදු මෙන්ඩිස් බංකුවේ තබා අවිශ්කව නැවත වරක් යෙදවීම.
2. එකම වර්ගයේ ක්‍රීඩකයන් දෙදෙනකු වන දසුන් චානක හා චාමික කරුණාරත්න යන දෙදෙනාම තරගයට යෙදවීම.
3. කාසියේ වාසිය දිනා කැපෙන තණතීරුවක මුලින් පන්දු යැවීම.
4. 150 කට ආසන්න වේගයෙන් පන්දු යවන අයිපීඑල් පන්දු යවන්නන් දෙදෙනකු වන දුෂ්මන්ත චමීර හා මතීෂ පතිරණ බංකුවේ තැබීම.
5. දුනිත් වෙල්ලාලගේ බංකුවේ තබා වැන්ඩසේව ගැස්වීම.
6. ඇතැම් පිතිකරුවන් කඩුලු පූජා කළ ආකාරය.
7. තරගය පරාජය වීමෙන් පසු පුහුණුකරුගෙන් හා ඇතැම් ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූ සැක සහිත ඕනවට වඩා දුක් වූ මුහුණු.
8. තරගය අතර තුර 1XBET ඔට්ටු ගැනීම් වල වරින් වර ඇතිවූ වර්ධනය.
9. එක්දින තරගාවලියේද මේ අයුරින්ම දෙවෙනි තරගය පැරදීම හා තුන්වෙනි තරගයට ඒ අනුව ඔන්ලයින් ඔට්ටු දමන්නන් වැඩි වීම.


මෙම කරුණු ඇත්ත වශයෙන්ම පහසුවෙන් බැහැර කළ නොහැකි අතර ක්‍රිකට් ආයතනයද මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රීඩා අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් කළ යුතු බව බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.

Continue Reading

ක්‍රීඩා

මන්මිතාට අමෙරිකා ජාතික කරාතේ තරගවලියේදී රිදී පදක්කමක්!

Published

on

By

2025 අමෙරිකා එක්සත් ජනපද ජාතික කරාතේ තරගවලියේ දි වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයෙ Kata අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දි කරාතේ ක්‍රීඩාවට පිවිසුනු මන්මිතා සේනාධි ජිනසේන සමත් වූවාය.

මේ තරගාවලිය පසුගිය 10 වැනිදා අමෙරිකාවේ ටෙක්සාස් හි Fortworth Convention center හිදී පැවැත්විණි.

මන්මිතා Maryland ප්‍රාන්තයේ karate Do කරාතේ පාසල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත්තාය.

මීට පෙර ඇය පසුගිය වසරේ (2024) අමෙරිකා ජාතික කරාතේ තරගවලියේ වයස 14 කාතා අංගයේ රිදී පදක්කම දිනා ගැනීමට ද සමත්වූවාය.

එසේම, මේ වසරේ මැයි මාසයේ Virginia ප්‍රාර්න්තයේ පැවැත්වූ Mid Atlantic Karate Championship හිදී kata අංශයෙන් රන් පදක්කමක් සහ kumite අංශයෙන් රිදී ප්දක්කමක් ද දිනා ගැනීමට සමත්වූවාය.

ඇය කරාතේ ක්‍රීඩාවට පිවිස ඇත්තේ වයස අවුරුදු 7දී වන අතර මේ වන විට ඇය ඇමෙරිකා එක්සත් ජනපයදේ උසස් අධ්‍යාපනය ලබමින් සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved