Connect with us

ක්‍රීඩා

කාන්තා T-20 ලෝක කුසලාන කාල සටහන එළිදක්වයි

Published

on

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කිරීම සිදුවිය.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 12ක් මෙවර තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වන අතර ක්‍රීඩාංගණ 7කදී තරග පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් ද, ‘බී’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් මෙහි අන්තර්ගත වෙයි.

කණ්ඩායම් 6කින් සමන්විත කාණ්ඩවල මූලික වටයේ තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩයන්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් යුගලය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජුනි 12 වැනිදා ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමග එඩ්ග්බැස්ටන් හි දී තරග වැදීමට නියමිතය. 

එසේම ජුනි 16 වැනිදා ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම සමග හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදීත්, ජුනි 21 වැනිදා ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර ජුනි 23 වැනිදා සහ 26 වැනිදා සුදුසුකම් ලබන කණ්ඩායම් සමග තරග පැවැත්වේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජුනි 30 වැනිදා සහ ජූලි 2 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූලි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද(10) රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(09) නිවේදනය කළේ ය.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ මෙතෙක් තරගාවලියක් ජයගෙන  නැත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved