Connect with us

ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Published

on

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමටය.

මෙම තරගය  නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස නම්කර තිබේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන, තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ඊයේ ගාල්ලේදී  පුහුණුවීම් ආරම්භ කළ අතර ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු ලෙස  කටයුතු කරන රංගන හේරත්ද  ඊට එක්ව සිටියේය.

නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවය.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණි.

ඒ අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්,  කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ය.

ක්‍රීඩා

යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Published

on

By

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කළේය.

එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

Continue Reading

ක්‍රීඩා

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

Published

on

By

IML T20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසිනි.

Continue Reading

ක්‍රීඩා

19න් පහළ T20 බාලිකා ලෝක කුසලානය මලයාසියාවේදී ඇරඹෙයි

Published

on

By

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.

කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය. 

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved