Connect with us

ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.  

ශ්‍රී ලංකා කණ්ඩායම –
දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක

මෙය මිලාන් රත්නායකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වෙයි. දකුණතින් මඳ වේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

එංගලන්ත කණ්ඩායම –
ඩෑන් ලෝරන්ස්, බෙන් ඩකට්, ඔලී පෝප් (නායක), ජෝ රූට්‌, හැරී බ්රූක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස්, මාර්ක් වුඩ්ස් සහ ෂොයිබ් බෂීර්      

එංගලන්ත නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් තුවාල ලැබීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නායකයා ලෙස ඔලී පෝප් පත්කර ඇත.

දෙරට අතර මෙම තරගාවලිය යටතේ ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේදීය.

එවර ලීඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගය ලකුණු 100කින් ජය ගැනීමට මැතිව්ස් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එසේම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද 1ට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.

ක්‍රීඩා

19න් පහළ T20 බාලිකා ලෝක කුසලානය මලයාසියාවේදී ඇරඹෙයි

Published

on

By

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.

කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය. 

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

Published

on

By

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්හ‍.

නවසීලන්තය ලැබීමට ගිය දැවැන්ත පරාජයේ බර අඩුකරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.

ඔහු හැරෙන්න ලකුණු 10කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි.

නවසීලන්ත ඉනිමේ 7වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 21ට 5ක් ලෙසින්ය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.

මෙය මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2007 වසරේ පැවති තරගයකදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ලකුණු 262/6ක් රැස්කිරීමයි.

එම තරගයෙන්ද ලකුණු 189ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

Continue Reading

ක්‍රීඩා

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය අත්හිටුවයි

Published

on

By

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පියවර ගෙන තිබේ.

කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකරන බවට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල විය.

මේ තත්ත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික  ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණි. 

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය කළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව ද නිර්දේශ කළේය.

නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වූ අතර ඒ අනුව පසුගිය නොවැම්බර් 5 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරට ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණේ, මෙරට ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක වන ලෙසය. 

එසේ නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඔවුන් අදාළ ලිපිය මගින් අවවාද කර තිබුණි. 

එම ලිපිය නොසළකා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉකුත්දා මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට පියවර ගත්තේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved