Connect with us

ක්‍රීඩා

කුසල් පිටියෙන් ඉවත් වෙයි; යළි උරහිසේ ආබාධයක්

Published

on

2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ.

පිටියෙන් ඉවත් වන විට ඔහු ලකුණු 34ක් රැස් කරගෙන සිටියේය.

කුසල් ජනිත් පෙරේරා ගේ උරහිසේ පැවති ආබාධය යළි මතු වීම නිසා ඔහු මෙසේ පිරියෙන් ඉවත් විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 127ක් රැස් කරගෙන සිටියි.

ක්‍රීඩා

සනත් ප්‍රධාන පුහුණුකරු තනතුරට

Published

on

By

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමාවීමත් සමග සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කෙරුණි.

ඔහු අතුරු ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසයි.

2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා මෙම පත්වීම වලංගු වන බව සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් පිල ඔක්තෝබරයේදී ලංකාවට

Published

on

By

තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව පන්දුවාර විස්සයි 20 තරග තුන ඔක්තෝබර් 13, 15 හා 17 යන දින වලදී දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, එක්දින ජාත්‍යන්තර තුන ඔක්තෝබර් 20, 23 හා 26 යන දින වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved