Connect with us

ක්‍රීඩා

චමරිගේ මීළඟ බලාපොරොත්තුව

Published

on

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය හිමිකරගත හැකිවුණේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ එකමුතුකම නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි.

ඇය මේබව සඳහන් කළේ, ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබු විශේෂ උත්සවයකට එක්වෙමිනි.

ඉදිරියේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම දක්ෂතා බලාපොරොත්තු වන බව ඇය තවදුරටත් සඳහන් කලාය.

මේ අතර කණ්ඩායමේ ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් කණ්ඩායම සමඟ රැදෙන ලෙස ඇය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් සිදුකළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමරි අතපත්තු,

“කොච්චර දේවල් කැප කළත් මේ තැනට එන්න තනියම බෑ. ඒ පිටුපස ඉන්න යෝධ ශක්තිය තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ කණ්ඩායමේ නවක පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය. අන්තිම මාස 18 අපි ලබාගත් ජයග්‍රහණවල ලොකුම වෙනස කළේ රුමේෂ් රත්නායක මහත්මයා.

මගේ ජීවිතේ තිබුණ හීනයක් තමා ක්‍රීඩාවෙන් සමුගන්න කලින් ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. මගේ ටාගට් දෙකක් තියෙනවා. දෙකින් එකක් මට කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. මේක ස්ටාට් එක විතරයි ළමයි. මම හැමවෙලේම මගේ ළමයින්ට කියන්නේ මේක එක්ක ජීවත් වුණොත් ඊළඟ හිනෙට යන්න බෑ. ගොඩක් දේවල් අපිට මේ වෙලාවේ ලැබෙනවා. ගොඩක් පැසසුම්, ප්‍රසංසා හැමදේම ලැබෙනවා. මේවා හරියට මැනේජ් කරගෙන නිහතමානිව අපි අපේ ගමන යන්න ඕනේ. තව මාස එක හමාරකින් ලෝක කුසලානය පැවැත්වෙනවා බංග්ලාදේශයේ දී. අපි දන්නවා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්‍රීඩිකාවෝ ඒක කරයි කියලා. මේක අපේ රස්සාව. උදේ නැඟිටලා නින්දට යනකල් මේක අපේ රස්සාව. මේ වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ. මොකද අපේ රස්සාව අපි ආසා දේ. දිනනකොට ගොඩක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. මම හිතන්නේ දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔයාලා ඉදියි කියලා මම විශ්වාස කරනවා.”

ක්‍රීඩා

මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් පවසා ඇත්තේ එළැඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවය.

කෙසේ නමුත් එම දැනුම්දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බවයි.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.

කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත.

මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි

Continue Reading

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved