Connect with us

ක්‍රීඩා

චමරිට ලොවෙන්ම පළමුතැන 

Published

on

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

චමරි අතපත්තු ඉහළට ඒමත් සමඟ එතෙක් ඉදිරියෙන් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නටාලි ස්කැවියර් බර්න්ට් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් නොදැවී ලකුණු 195* ලබා ගැනීමට ඇයට හැකි වූවාය. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී සාර්ථක හඹායාමකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලේන් මැක්ස්වෙල් ( Glenn Maxwell) නොදැවී ලකුණු 201 ලබා ගැනීම එවැනි දස්කමක ලොව පළමු තැන තිබේ.

ක්‍රීඩා

දසුන් ශානකට IPL දොරටු විවර වේ

Published

on

By

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් තරග සඳහා ක්‍රිකට් එක්වෙයි

Published

on

By

ඔලිම්පික් තරග සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබේ.

2028 ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇති අතර එම තරග දකුණු කැළිෆෝනියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර ඇත.

පන්දුවාර විස්සේ තරගාවලියක් ලෙස එය පැවැත්වෙන බව සඳහන්ය.

කාන්තා සහ පිරිමි කණ්ඩායම් 6ක් බැගින් එය පැවැත්වෙනු ඇත.

ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස දකුණු කැලිෆෝනියාවේ පොමෝනාහි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද පිළිගෙන තිබේ.

Continue Reading

ක්‍රීඩා

ලංකාවට තවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් 2ක්

Published

on

By

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ, මීටර් 100 බාලිකා ධාවය ඉසව්වෙන් හා මීටර 1,500 තරග ඉසව්වෙනි.

මීටර් 100 බාලක ධාවන ඉසව්වෙන් ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු එම තරගය තත්පර 11:9:2 කින් නිමාකරමින් එම ඉසව්වේ රිදී පදක්කමද, මීටර 1,500 තරග ඉසව්වෙන් ළහිරු අචින්ත ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්ව ඇත.

ඔහුගේ තරඟ නිමි කාලය විනාඩි 3යි තත්පර 59යි දශම 47කි. 

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදි මෙවර පැවැත්වෙන්නේ 06 වැනි වරට වන අතර එම මළල ක්‍රීඩා තරඟාවලිය ආරම්භ වූයේ ඉකුත් 15 වැනිදාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved