Connect with us

ක්‍රීඩා

චමරි IPL වෙන්දේසියට; මූලික ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් 

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව කර තිබේ.

එසේම ඇය ඉන්දීය රුපියල් ලක්‍ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම විශේෂ සිද්ධියකි.

චමරි මෙවර ඕස්ට්‍ට්‍රේලයානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.

මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිතය.

එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.

ක්‍රීඩා

 ලසිත් මාලිංගගෙන් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’

Published

on

By

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ නමින් පොතක් එළි දක්වා තිබේ.

ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදැක්වූවේය.

එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත්ව තිබේ.‍

පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියේය.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.

“අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා… මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

ලසිත් මාලිංග විසින් රචිත කෘතිය සිය පියා අතින් පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටයි.

අනතුරුව එම කෘතිය පැමිණ සිටි අනෙක් ආරාධිතයන්ට පොත පිළිගැන්වූවේය.

Continue Reading

ක්‍රීඩා

යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Published

on

By

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කළේය.

එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

Continue Reading

ක්‍රීඩා

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

Published

on

By

IML T20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved