Connect with us

ක්‍රීඩා

චාමිකට වසරක අත්හිටවූ තරග තහනමක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ.

අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරද පිළිගෙන ඇති බවය.

ඒ අනුව, චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් සිදුකළහොත් අදාළ දඬුවම ක්‍රියාත්මක වනු ඇත.

ක්‍රීඩා

චමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි.

Continue Reading

ක්‍රීඩා

ICC වසරේ එක්දින කණ්ඩායම නම් කරයි

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.

එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඔහුට අංක 4 ස්ථානය හිමිව තිබේ.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අංක 8 ස්ථානයට නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

Published

on

By

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (24) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා එක් වීමටයි.

දෙරට අතර පළමුවෙන් ම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර එය 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන සාමාජිකයා තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 06 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

ඉන් පසුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වෙන අතර එහි තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදිය.

එම තරග දෙක පිළිවෙළින් පෙබරවාරි 12 සහ 14 යන දෙදින පැවැත්වේ.

ඔස්ට්‍රෙලියා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත් විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයවීම ධනංජය ද සිල්වා විසින් සිදු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved