Connect with us

ක්‍රීඩා

චෙක් අවුල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනයක්

Published

on

අද (20) දිනයේ ගාල්ලේදී අවසන් වූ ශ්‍රී ලංකා – පකිස්තානු පළමු ටෙස්ට් තරග ප්‍රදානයේදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පකිස්තානු නායක බාබර් අසාම් වෙත පිරිනැමුණු සංකේතාත්මක චෙක්පතෙහි වටිනාකම ලෙස අංක වලින් ඇමෙරිකානු ඩොලර් 5,000ක් සඳහන් වූවද, එහි වටිනාකම ලෙස අකුරෙන් සඳහන් කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් 2,000ක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිදුවූ වරද සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ත්‍යාග මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් 5,000ක් පිරිනැමුණු බවයි.

ත්‍යාග ප්‍රදාන උත්සවය ITW Consulting විසින් සංවිධානය කෙරුණද, ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස මෙම වරදේ සම්පූර්ණ වගකීම භාර ගන්නා බවත්, ඉදිරියේදී එවැනි සිදුවීම වළක්වාගැනීමට පොරොන්දු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් පවසයි.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved