Connect with us

ක්‍රීඩා

ජස්වර්ට ලංකාවෙන් විධායකයෝ මදි වෙයි; ඒ පඩියත් ඩොලර්වලින්ම සුද්දෙක්ට

Published

on

ජස්වර් උමාර් මහතා ඊයේ (03) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පාපන්දු ක්ෂේත්‍රයේ කසු කුසුවක් ඇතිව තිබේ.

ඒ ලංකාවේ ධනවත්ම සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවා  එහි පරිපාලනයේ විධායක නිලධාරී තනතුර ලංකාවේ අයකුට ලබා දෙද්දී පාපන්දු සභාපතිවරයා ලංකාවේ විධායක ප්‍රවීනයන් සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් කිරීම ගැන කනස්සල්ල පලකරමිනි.

එසේම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පසුවන ලංකාවට ක්‍රීඩාව හරහා හෝ ලැබෙන ඩොලර් තුට්ටුවත් නැවත රට පැටවීමට උමර් මහතා තීන්දු කිරීම සම්බන්ධයෙන් පාපන්දු ප්‍රවීනයන් දැඩි ලෙස කලකිරී ඇතැයි පැවසේ.

මේ අතර, ජස්වර් අදාල ප්‍රකාශය කර ඇත්තේ පසුගිය කාලය පුරාම පාපන්දු සම්මේලනයට එල්ලව ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් ජගත් පාපන්දු සම්මේලනය තුළ පවතින සැකය නිසා එම සම්මේලනයේ උපදේශයක් පරිදි විදෙස් විධායක නිලධාරියකු පත්කරන ලෙසට ලැබී ඇති උපදෙස් මත බවද පැවසේ.

එසේම විදෙස් ජාතිකයකු පාපන්දු විධායක ධුරය බාර ගැනීමෙන් පසුව එය පාපන්දුවේ ජාත්‍යන්තර පරිපාලනයට පහසුවුවද එය දේශීය පරිපාලනයට ප්‍රායෝගික අපහසුතා මතුකරනු ඇතිබවට ද සැකයක් පාපන්දු ප්‍රවීනයන් තුළ මතුව තිබේ.

ඊයේ (03) වැඩබාරගත් ජස්වර් මහතා පාපන්දු ලීග්වලට ප්‍රතිලාභ රැසක් ලබා දී යළි පාපන්දු ක්‍රීඩාව සක්‍රීය මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙල පළමු විධායක කමිටු රැස්වීමේදී සකච්ඡා කර ඇති බවට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පාපන්දු පළමු විධායක කමිටු රැස්වීමේදී වැඩි වේලාවක් පාපන්දු ලීග් ශක්තිමත් කිරීම හා අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්ව තිබූ බවත්, ලීග් තරග උදෙසා මූල්‍ය අනුග්‍රහයක් දැක්වීමට ද අපේක්ෂිත බවත්වා එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ග්‍රාමීය පාසල් පාපන්දු නැංවීම උදෙසා පාපන්දු දස දහසක් බෙදාදීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කරන බව උමාර් මහතා පවසා ඇත.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“ පාපන්දු පරිපානලය ශක්තිමත් කිරීම වැදගත්. පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නවා. ඒ වගේම පාපන්දු තාක්ෂණික අංශය වෙනුවෙන් අත්දැකීම් ඇති විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගන්නවා. ඒ වගේම පාපන්දු කැලැන්ඩරය ඉක්මණින්ම එළි දැක්වීමට කටයුතු කරනවා“ 

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved