Connect with us

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

ක්‍රීඩා

හරීන් කර ගැහුව බර කරත්තේ ගැන පාර්ලිමේන්තුවට කියයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය, “පසුගියදා රෙගුලාසියක් දැම්මා. එම රෙගුලාසිය අනූව විධායක කමිටුවක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්න බෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා 16 ඉඳලත් ඉවරයි. ඊළඟට ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.”

ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බවයි.

“කොහේවත් යන බර කරත්තයක් මගේ කරපිට තිබ්බා. වර්ල්ඩ් කප් එකේ ගහපු මැච් 3න් 2ක් පැරදුනාම නිදාගෙන හිටිය අය නැවතත් නැගිටලා. භාරගත්ත ගමන් ටුවර් තුනම දින්නා. හොඳයි කිව්වේ නෑ. දිනන කොට ක්‍රීඩකයෝ…පරදින කොට ඇමතියා.”

Continue Reading

ක්‍රීඩා

තර්ජිනී සිවලිංගම් විවාහ දිවියට

Published

on

By

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) විවාහ දිවියට පිවිස තිබේ.

ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම දැකිය හැකියි.

කණ්ඩායම තුළ ඇය දැක්වූ දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර තර්ජිනී ජනප්‍රිය වූයේ ‘ජෙනී’ යන නමිනි.

එමෙන්ම තර්ජිනීව හඳුනා ගැනෙන්නේ ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසය.

ගෙවුණු වසරේදී ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තමන් තීරණය කළ බව දැනුම් දී සිටියාය.

Continue Reading

ක්‍රීඩා

එක් තරඟයක් පමණක් ජයගෙන ලංකාවේ ලෝක කුසලාන ගමන නිමාවේ

Published

on

By

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගයෙන් ලකුණු 83 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්හ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු 46 බැඟින් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් ලබා ගන්නා ලදී.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 118 ක් පමණි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 3 ක්, වනිඳු හසරංග හා මතීෂ පතිරණ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved