පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) එංගලන්තයට එරෙහිව පැවැත්වේ.
එය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වෙනු ඇත.
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ඊයේ ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය අද ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ.
යම් හෙකින් අද තරගය එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි.
ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි. එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ. දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී.