Connect with us

ක්‍රීඩා

දසුන් වෙනුවට චාමික සංචිතයට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14) වාර්තා කළේ ය.

පසුගියදා පකිස්ථානය සමග පැවැති තරගයේදී දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති අතර, පසුව ඔහුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.

එහි ප්‍රතිඵලය අනුව දසුන්ට අවම වශයෙන් සති තුනක කාලයක්වත් විවේක ගැනීමට සිදුවන බව සඳහන් වේ.

ඒ අනුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායම සමග ඉන්දියාව බලා පිටත්ව ගිය චාමික කරුණාරත්න දසුන් ශානක වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට උප නායක කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති බව, ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි

Published

on

By

එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කරයි.

LPL සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ  LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවය. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බවයි.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Continue Reading

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading

ක්‍රීඩා

LPL වෙන්දේසියේදී ඉහල මිලක් හිමිවූ මතීෂ

Published

on

By

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved